Update:පලා ගිය කොරෝනා ආසාදිතයා අල්ලයි..

Update:පලා ගිය කොරෝනා ආසාදිතයා අල්ලයි..

by Chathurika Jayasundara 20-01-2021 | 10:01 AM

COLOMBO (News 1st) : පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය Covid-19 ආසාදිත රෝගියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ , ඇහැළියගොඩ , පැල්පිටිය ප්‍ර‌දේශයේදී ය. අදාළ කොරෝනා ආසාදිතයා ඊයේ (19 )රාත්‍රියේදී පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය බව සඳහන් වේ. ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි. මේ අතර වාලච්චේන සිට ඇහැළියගොඩ දක්වා ඔහු ගමන් ගත් ආකාරය පිළිබඳව විශේෂ විමර්ශනයක් ක්‍රියාක්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ,අදාළ කොරෝනා ආසාදිතයා නැවත ප්‍රතිකාර සඳහා පිටත් කර හැරීමට නියමිත බවත් මොහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ය.