ට්‍රම්ප් ධවල මන්දිරය හැර යයි..

සිරගත කළ 73කට ජනපති සමාව පිරිනමා, ට්‍රම්ප් ධවල මන්දිරය හැර යයි..

by Staff writer 20-01-2021 | 10:27 PM

News 1st - ශ්‍රී ලංකාවේ වේලාවෙන් තව ටික වේලාවකින් අමෙරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩේන් දිවුරුම් දීමට නියමිතය.

දිවුරුම් දීමට පැයකට ආසන්න කාලයක් තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය හැර ගියේය. මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය අමෙරිකානුවන්ට වගේම ජෝ බයිඩ්න්ටත් අමිහිරි අත්දැකීමක් විය. ප්‍රජාතන්ත්‍රවාදයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. යූටියුබ් මගින් අවසන් කතාව නිකුත් කොට අවසන් පැය කීපයේදී 73දෙනෙකුට ජනාධිපති සමාව දී ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානී ට්‍රම්ප් නික්ම ගියේ ෆ්ලොරීඩාහී පිහිටි ට්‍රම්ප්ගේ නිවසටයි . ජනාධිපතිවරණයෙන් පසුව ගෙවුණු කාලසීමාව තුළ දෝෂාභියෝගයකට ලක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එම වෑයම අතරතුර තමන්ටම ජනාධිපති සමාවක් පිළිගන්වා ගැනීමට ද උත්සාහ කළේය. අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී නොවන බව ට්‍රම්ප් දැනුම් දී තිබේ. ට්‍රම්ප් කියන්නේ අලුතින් පත්වන ජනාධිපතිවරයාට ගෞරවනීය සමු දීමක් නොදුන් සිව්වැනි ජනාධිපතිවරයායි. මීට පෙර ජෝන් ඇඩම්ස් ජෝන් ක්වින්සි සහ ඇන්ඩෲ ජොන්සන් ජන ජනාධිපතිවරුන් ජනාධිපතිවරුන් අනුප්‍රාප්තිකයාට සමු දුන්නේ නැහැ . ට්‍රම්ප් ජනාධිපති ලෙස පත් වනවිට ඔහුව දැඩි ලෙස විවේචනය කළ ප්‍රතිවාදී අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සමඟ දිවුරුම් දීමේ උත්සවයට එක්විය. සාමාන්‍යයෙන් අමෙරිකාවෙේ ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ ලක්ෂ ගණනක ජනකායක් හමුවේදීය. නමුත් මෙවර කොරෝනා සහ කැපිටල් මන්දිරයට එල්ල වූ මැර ප්‍රහාරය නිසා අමුත්තන් ගණන 200කට සීමා වේ. මේ සමග තවත් අමුත්තන් දහසකට ප්‍රවේශපත්‍ර හිමිවේ. හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. අමෙරිකානු ජාතික ගීය ගැයීමට ආරාධනා ලැබ සිටින්නේ ජනප්‍රිය ගායිකා ලේඩි ගාගායි. අමෙරිකානු සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයාට පෙර උප ජනාධිපති ජනාධිපතිනි කමලා හැරිස් දිවුරුම් දීමට නියමිතය.