පොල් ගෙඩියක් සොරකම් කළාට රු. ලක්ෂයක ශරීර ඇපයක්..

පොල් ගෙඩියක් සොරකම් කළ අයෙකුට රු. ලක්ෂයක ශරීර ඇපයක් නියම කෙරේ

by Staff writer 20-01-2021 | 3:48 PM

COLOMBO (News 1st) - වත්තකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 120.00 ක් වටිනා පොල් ගෙඩියක් සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ, සැකකරු ඊයේ (19) ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුට මෙලෙස ඇප නියම විය. ලබන මාර්තු මස 18 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම සැකකරුට අධිකරණය නියෝග කළේ ය.