පානදුරේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8 ක් වතුර නැහැ

පානදුරේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8 ක් වතුර නැහැ

by Staff writer 20-01-2021 | 3:10 PM

COLOMBO (News 1st) - පානදුර ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 8.00 සිට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, පානදුර බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 8.00 සිට අනිද්දා අලුයම 4.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව පානදුර ජල සම්පාදන ක්‍රමය මගින් ජලය බෙදාහරිනු ලබන පානදුර නගර සභා බල ප්‍රදේශය, කෙසෙල්වත්ත හැර ප්‍රාදේශීය සභා සීමාව සහ වාද්දුවේ කොටසකට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.