නිරෝධායන නීතී කැඩූ ආයතන 1050කට නඩු..

නිරෝධායන නීතී කැඩූ ආයතන 1050කට නඩු..

by Staff writer 20-01-2021 | 11:47 AM

COLOMBO (News 1st) – නිරෝධායන නීතීන්ට අනුගතව කටයුතු නොකළ ආයතන 1,050කට විරුද්ධව නඩු පවරා ඇතැයි පොලිසිය පවසයි.

ඒ, ඔක්තෝම්බර් 15 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව ආයතන පවත්වා නොගැනීම සම්න්ධයෙනි. ආයතන පවත්වා ගෙන යෑමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අඛණ්ඩව පිළිපදින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේ ය.