දුඹුරු පැල කීඩෑ හානිය දිස්ත්‍රික්ක 4 ක..

දුඹුරු පැල කීඩෑ හානිය දිස්ත්‍රික්ක 4 ක..

by Staff writer 20-01-2021 | 7:02 AM

COLOMBO (News 1st) – දුඹුරු පැල කීඩෑ හානිය මේ වනවිට දිස්ත්‍රික්ක 4කින් වාර්තා වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ එස්.ආර්. සරච්චන්ද්‍ර මහතා සඳහන් කළේ, කුරුණෑගල, මඩකලපුව, ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් දුඹුරු පැල කීඩෑවන් වාර්තා වන බවයි. මෙම පළිබෝධ හානිය ව්‍යාප්තිය පාලනය සඳහා ගොවීන් තම කුඹුරු පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.