ගෙවුණු දිනයේ මෙරට කොරෝනා තත්ත්වය

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක හා ප්‍රදේශ (Full Report)

by Sagarika Chathumali 20-01-2021 | 9:16 AM

COLOMBO (News 1st) : අද (20) උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 669 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, ඉන් ආසාදිතයින් 9 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති බවයි. ඉතිරි පුද්ගලයින් 660 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 130 කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 ක් ලෙස වාර්තා වී තිබේ. අනෙක් ආසාදිතයින් 366 දෙනා වාර්තා වන්නේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. කොළඹ වැඩිම ආසාදිතයින් පිරිස වන ආසාදිතයින් 26 දෙනා නාරාහේන්පිටින් වාර්තා වන අතර කොළඹ මරදානෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 17කි. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස මීගමුවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 21කි. කුරුණෑගල හෙට්ටිපොළින් ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වී තිබේ. බදුල්ල, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලින් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම ද විශේෂත්වයකි. අද උදෑසන වනවිට මෙරට සමස්ත කොවිඩ් -19 වෛරස ආසාදතයින් සංඛ්‍යාව 54,419 ක් වන අතර ඉන් පුද්ගලයින් 46,594 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ආසාදිතයින් 7,552 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 273කි. පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 3ක් වාර්තා වූ අතර ඔවුන් මාලිගාවත්ත, කොළඹ - 6 සහ අරණායක, යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. අද (20) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 28 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 18 දෙනෙකු, UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 92 දෙනෙකු, UL 226 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 76 දෙනෙකු, UL 1042 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 55 දෙනෙකු මෙරටට පැමිණ ඇත. අද උදෑසන වනවිට විදෙස් රටවල සිට ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර අද දිනයේ තවත් පිරිසක් පැමිණීමට නියමිතව ඇත. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ, එලෙස පැමිණෙන සහ පැමිණි සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි. නිරෝධායන මධ්‍යස්ථාන 96 ක් තුළ මේ වනිවට පුද්ගලයින් 8,188 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (19) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 14,294 කි.