කමලා හැරිස් වෙනුවෙන් ඉන්දියාවෙත් සැමරුම්

කමලා හැරිස් වෙනුවෙන් සැමරුම් පවත්වන ඉන්දීය වැසියන්

by Staff writer 20-01-2021 | 10:31 PM

News 1st - අමෙරිකාවේ නව ජනාධිපති දිවුරුම් දීම සමරන්න සූදානම් වෙන්නේ අමෙරිකාව විතරක් නෙවෙයි ඉන්දියාවත් සූදානම් වේ.

මේකට හේතුව උප ජනාධිපතිනි කමලා හැරිස් කමලා හැරිස්ගේ සීයාගේ උපන් ගම චෙන්නායි නුවර සිට සැතපුම් 200 ක් දුරින් පිහිටි තුලසේන්ද්‍රපුරම් ගම්මානය. ඇගේ සීයා දශක ගණනකට පෙර ගම අතහැර චෙන්නායි නුවරට ගියේය. ඒක දැන් ගම්මුන්ට අමතකයි. ඒ වගේම කමලා හැරිස් මේ ගමේ උපත ලැබුවේ නැති බවත් අමතකයි. මේ ගමේ මිනිසුන්ට ඇති හොඳම මතකය වන්නේ කමලාගේ මව දකුණු ඉන්දියානු කාන්තාවක් වීම පමණි. එය නිමිත්තක් කරගෙන ඔවුන් මේ දිනවල කමලාගේ සම්ප්‍රාප්තිය විවිධ ආකාරයට සමරනු ලැබේ.