by Staff writer 20-01-2021 | 10:40 PM
News 1st - අමෙරිකාවේ 46 වැනි ජනාධිපවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දුන්නේ ය.
ඒ, එරට අගවිනිසුරු ජෝ රොබර්ට්ස් ඉදිරියේදීයි.
දිවුරුම් දීමේ උත්සවය වොෂින්ටනයේදී පැවැත් විය.
අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද මෙම අවස්ථාවට එක් වූ බව විදෙස් වාර්තාවල සඳහන් විය.
මීට පෙර 1987 දී සහ 2008 වර්ෂවලදී, ජෝ බයිඩ්න් ජනපති සිහිනය වෙනුවෙන්, තරග වැදුනත් එකී උත්සහයන් අසාර්ථක විය.
6 වතාවක් සෙනෙටි සභාව නියෝජනය කළ ඔහු පළමු වරට ඒ සඳහා තේරී පත් වූයේ 1972 වසරේදීයි.
ධවල මන්දිරයෙන් පිටව ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී නොවූ බව ද විදෙස් මාධය වාර්තා කළේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ අවසන් පැය කිහිපයේදී පුද්ගලයින් 73 දෙනෙකුට ජනාධිපති සමාව දුන් බව ද මාධ්‍ය වාර්තාවල දැක්විය.
ජනාධිපති සමාව ලැබූ පුද්ගලයින් අතරට ඔහුගේ හිටපු උපදේශක ස්ටීව් බැනන් සහ රැප් ගායක ලිල් වේන් ද ඇතුළත් වේ.
ට්‍රම්ප් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජනාධිපති සමාව ලබා දෙනු ඇතැයි පසුගිය දා මාධ්‍යවල දැඩි කතා බහට ලක් වුවවත්, එවැන්නක් සිදු වූයේ නැත.