අතුරුදන් වූ ජැක් මා යළි මතුවෙයි

අතුරුදන් වූ බව කී ජැක් මා යළි මතුවෙයි

by Staff writer 20-01-2021 | 2:25 PM

COLOMBO (News 1st) : අතුරුදන් වූ අලි බාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා වීඩියෝ ඇමතුමක් සමග සම්බන්ධ වී තිබේ.

ඔහු ග්‍රාමීය පාසල් ගුරුවරු 100 දෙනෙකු සමග පමණ දුරකථන සාකච්ඡාවක යෙදී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඔහු එම ඇමතුම මගින් පවසා ඇත්තේ, වසංගතය අවසන් වූ පසු අපි යළි හමු වෙමු කියා ය. පසුගිය නොවැම්බර් මස සිට මේ දක්වා 56 හැවිරිදි ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ ය. ඔහු එලෙස ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේ චීන, කොටස් වෙළඳපොළ නියාමන ආයතනය විවේචනයට ලක් කරමින් කළ ප්‍රකාශයට අනතුරුවයි. කෙසේ වෙතත් ඔහු අද දින පැවති වීඩියෝ සාකච්ඡාව සඳහා සහභාගී වූයේ කුමන ස්ථානයක සිට දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.