ඉන්දියානු කොරෝනා එන්නත පළමු තොගයේදී ශ්‍රී ලංකාවට නොලැබෙන ලකුණු..

ඉන්දියානු කොරෝනා එන්නත පළමු තොගයේදී ශ්‍රී ලංකාවට නොලැබෙන ලකුණු..

ඉන්දියානු කොරෝනා එන්නත පළමු තොගයේදී ශ්‍රී ලංකාවට නොලැබෙන ලකුණු..

කර්තෘ Staff writer

20 Jan, 2021 | 6:50 am

COLOMBO (News 1st) – තම අසල්වැසි රාජ්‍යයන් අතර කොරෝනා එන්නත් බෙදා හැරීම අද (20) සිට ආරම්භ කරන බව ඉන්දියාව පවසයි.

කෙසේ වෙතත් එහි පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවට එන්නත් නොලැබෙන තත්ත්වයක් මතුව තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව එන්නත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තවමත් නියාමන අවසරයක් ලබා දී නොමැත.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට මේ පළමු අදියර යටතේ එන්නත් බෙදා හරින බවයි.

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරිසිය එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය නියාමන අවසරයන් තවමත් ලබා දී නොමැති බව එම වාර්තා විය.

නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ , මෙම එන්නත් අදියර වශයෙන් අසල්වැසි රාජ්‍යයන් අතර බෙදා හරින බවයි.

දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොගයක් ඇති බව සහතික කරන අතරම විදේශීය රටවලට එන්නත් සැපයීම සිදුවනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]