සීනි බද්ද : විපක්ෂය ඉල්ලූ ඡන්දය ප්‍රතික්ෂේපයි

සීනි බද්දේ ගැසට් නිවේදනය අනුමත කරන්න විපක්ෂය ඉල්ලූ ඡන්දය ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 19-01-2021 | 6:44 PM

COLOMBO (News 1st) - සීනි ආයනයන බද්ද ඇතුළු විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ගණනාවක් පසුගිය සමයේ රජය සංශෝධනය කර තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍ර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, අනුමැතිය සඳහාය. එහිදී විවාදය අවසානයේ සීනි බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය අනුමත කිරීමට විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටියේ ය. නමුත් කතානායකවරයා හා සභානායකවරයා ඊට අවස්ථාව ලබා දුනනේ නැත.