යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවට..

යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවට..

by Staff writer 19-01-2021 | 7:32 PM

COLOMBO (News 1st) - යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි තවත් සංචාරකයින් පිරිසක් අද පොළොන්නරුවේ සංචාරයක නිරත විය.

මෙම සංචාරකයින් අතරට කුඩා දරුවන් 4 දෙනෙක් හා තව ත් 41 දෙනෙකු ඇතුළත් ය. අද දින පොළොන්නරුවේ ඓතිහාසික ස්ථාන රැසක් දැක බලා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි විය. අප වාර්තාකරු පැවසුවේ, මෙම ස්ථාන අවට අද දින විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබූ බවයි. සංචාරයට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ද ඊට එක්ව සිටියේ ය. මේ අතර යුක්‍රේන සංචාරකයින් ඊයේ සීගිරයේ ද සංචාරය කළේය.