පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

by Staff writer 19-01-2021 | 7:08 AM

COLOMBO ( News 1st ) : පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වෙයි.

ඒ , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මෙවර පාර්ලිමේන්තු සතිය දින දෙකකට සීමා කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරිණි. ඒ , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ හා ආරක්ෂක අංශවල 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති පසුබිමකදී ය. අමාත්‍ය වාසුදේව නානයක්කාර , රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර හා පියල් නිශාන්ත ද සිල්වා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන්ට මේ වනවිට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වී තිබේ.