by Staff writer 19-01-2021 | 4:42 PM
COLOMBO (News 1st) - නව අභියාචනාධිකරණ 04 ක් කඩිනමින් ස්ථාපිත කිරීමට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, දැනට සිර දඬුවම් විදින අභියාචනා ඉදිරිපත් කර ඇති රැඳවියන්ගේ තදබදය අවම කිරීම සඳහාය.
මීට අමතරව 1998 පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගේ දඬුවම් කාලය සිව්වස් සමාලෝචන වාර්තා අනුව ලිහිල් කිරීමට ද නියමිත බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මෙය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අදාළ නොවනු ඇති.
මීට අමතරව 1998 න් පසු මරණීය දණ්ඩනය නියම කර බන්ධනාගාරගතවුවන්ගේ එම දඬුවම විශේෂ ජනාධිපති සමාවක් යටතේ ලිහිල් කර ඔවුන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් ලබාදීමට ද කටයුතු සම්පාදනය කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
එම සහනය ද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සිරකරුවන්ට හිමිවන්නේ නැත.
බන්ධනාගාර අමාත්‍යාංශය සඳහන් කළේ, කොළඹ බන්ධනාගාර පරිශ්‍රය නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව හොරණ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
මහර බන්ධනාගාරයේ සිදුවීම් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කඩිනමින් අධ්‍යයනයක් කර ක්‍රියාවට නැංවීමට හැකි කරුණු ක්‍රියාත්මක කිරීමට ද බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුථාපන රාජ්‍ය අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබේ.