by Sagarika Chathumali 19-01-2021 | 11:58 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය සමාජගත වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව මෙරට තුළ තවමත් වෛසරය සමාජගත වී නැතැයි, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ය.
ඔහු එහිදී වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ, සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීම සහ කොරෝනා වෛසරය සමාජගතවී සමාජ සම්ප්‍රේෂණය වීම එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවයි.
කෙසේ වෙතත් සමාජයේ හැසිරීමේදී, ගමනක් බිමනක් යාමේදී ආගන්තුකයා සේම සැමදා හඳුනන පුද්ගලයාත් කොවිඩ් ආසාදිතයෙකු විය හැකි බව සිහි තබාගෙන කටයුතු කළ හොත් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි බව අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටියේ ය.
(වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීම පහතින්..)
https://youtu.be/f_GoZC4FZWs