ඉන්දියානු එන්නත පළමු අදියරේදී  ලංකාවට නෑ

ඉන්දියානු කොරෝනා එන්නත පළමු අදියරේදී ශ්‍රී ලංකාවට නොලැබෙන ලකුණු..

by Staff writer 19-01-2021 | 9:51 PM

COLOMBO (News 1st) - තම අසල්වැසි රාජ්‍යයන් අතර කොරෝනා එන්නත් බෙදා හැරීම හෙට(20) සිට ආරම්භ කරන බව ඉන්දියාව පවසයි.

එහෙත් මෙම පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවට එන්නත් නොලැබෙන තත්ත්වයක් මතුව තිබේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව එන්නත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තවමත් නියාමන අවසරයක් ලබා දී නොමැත. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට මේ පළමු අදියර යටතේ එන්නත් බෙදා හරින බවයි. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරිසිය එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය නියාමන අවසරයන් තවමත් ලබා දී නොමැති බව එම වාර්තාවේ දැක්වේ. නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, මෙම එන්නත් අදියර වශයෙන් අසල්වැසි රාජ්‍යයන් අතර බෙදා හරින බවය. දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොගයක් ඇති බව සහතික කරන අතරම විදේශීය රටවලට එන්නත් සැපයීම සිචදුවනු ඇති.