ආර්ජන්ටිනාවේ මැග්නිටියුඩ් ඒකක 6.8ක භූ කම්පනයක්

ආර්ජන්ටිනාවේ මැග්නිටියුඩ් ඒකක 6.8ක භූ කම්පනයක්

by Staff writer 19-01-2021 | 9:14 AM

COLOMBO (News 1st) : ආර්ජන්ටිනාවේ, සැන් ජුවාන් පළාතේ භූ කම්පනයක් හටගෙන තිබේ.

භූ විද්‍යාව පිළිබඳ GFZ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.8 ක් ලෙස සටහන්ව ඇති බවයි. කිලෝමීටර 10 ක් ගැඹුරේ සිදුව ඇති මෙම භූ කම්පනයෙන් සුනාමි අනතුරක්  නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.