by Staff writer 19-01-2021 | 5:35 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා දින 7 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
ඒ, සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ජංගම දුරකතන 5 ක් සොයාගත් අතර සැකකරු එම දුරකතන යොදා ගනිමින් ජංගම දුරකතන ඔස්සේ මුදල් හුවමාරු කරන ක්‍රම මගින් මත්ද්‍රව්‍ය විකුණා ඇති බව අනාවරණ වී ඇත.