by Sagarika Chathumali 19-01-2021 | 3:21 PM
COLOMBO (News 1st) : ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරත්හි මාර්ගයක් අයිනේ නිදා සිටි සංක්‍රමණික කම්කරුවන් පිරිසක් වෙතට ට්‍රක් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් කම්කරුවන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අලුයම් කාලයේ සිදු වූ මෙම අනතුරින් තවත් 6 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.
අනතුර සිදුව ඇත්තේ, ට්‍රක් රථය ට්‍රැක්ටරයක ගැටීමෙන් පසු රියදුරුට එය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ නිදා සිටි කම්කරුවන් වෙතට ඇදී යාමෙනි.
රාජස්ථාන් ප්‍රාන්තයේ සිට පැමිණි කම්කරුවන් පිරිසක් මෙලෙස අනතුරට මුහුණ දී ඇති අතර මොවුන් දිනයේ වැඩ අවසන් කර නිදා ගැනීමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.
අනතුර සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ, මෙලෙස ජීවිත අහිමිවීම ඛේදවාචකයක් බවයි.
කෙසේ වෙතත් සංක්‍රමණික කම්කරුවන් ඉන්දියාවේ මාවත් අයිනේ නිදා සිටීම මෙන්ම ඔවුන් මෙලෙස අනතුරුවලට මුහුණ දීම සුලභව සිදුවන්නකි.