අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක දින 7 ක් රඳවා තබා ප්‍රශ්න කෙරේ

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක දින 7 ක් රඳවා තබා ප්‍රශ්න කෙරේ

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක දින 7 ක් රඳවා තබා ප්‍රශ්න කෙරේ

කර්තෘ Staff writer

19 Jan, 2021 | 5:35 pm

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා දින 7 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

ඒ, සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ජංගම දුරකතන 5 ක් සොයාගත් අතර සැකකරු එම දුරකතන යොදා ගනිමින් ජංගම දුරකතන ඔස්සේ මුදල් හුවමාරු කරන ක්‍රම මගින් මත්ද්‍රව්‍ය විකුණා ඇති බව අනාවරණ වී ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]