by Staff writer 18-01-2021 | 8:22 AM
COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටුවා තිබූ දුර ගමන් සේවා දුම්රිය ගමන්වාර 12 ක් අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවි දුම්රිය, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන උත්තරදේවි දුම්රිය, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය අද සිට සාමාන්‍ය කාලසටහන් අනුව ධාවනය කෙරෙනු ඇති.
මීට අමතරව කොළඹ කොටුව - මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, මරදාන - බෙලිඅත්ත දුම්රිය, කොළඹ කොටුව - මාතර සීඝ්‍රගාමී දුම්රිය ද අද සිට සාමාන්‍ය කාල සටහන් අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මීට අමතරව ලබන 25 වැනි දා සිට සියලු දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනයට ද සැලසුම් කර තිබේ.