''රන්ජන් ගැන හෙට කතා කරනවා'' - මනෝ ගනේෂන්

''රන්ජන් ගැන හෙට කතා කරනවා'' - මනෝ ගනේෂන්

by Staff writer 18-01-2021 | 3:14 PM

COLOMBO (News 1st) : රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට සහභාගී වීමට ඇති අයිතිය පිළිබඳව හෙට (19) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන බව මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු පැවසුවේ, පාර්ලිමේන්තුවේ එතුමාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බවයි. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුවයි. මාධ්‍යට ආදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජයසේකර මන්ත්‍රීවරයාට සේම පාර්ලිමේන්තුවට සහභාගී වීමට අයිතිය රන්ජන් රාමනායක මහතාට ද තිබෙන බවට නිල වශයෙන් කතානායකවරයා හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවයි. රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට සහභාගී වීම පිළිබඳ අවසන් තීන්දුව ගත යුත්තේ, කතානායකවයා විසින් බවට අධිකරණය පිළිගෙන ඇතැයි ද ඔහු එහිදී පැවසී ය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පසුගිය (12) වනදා වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම විය.