by Sagarika Chathumali 18-01-2021 | 3:49 PM
COLOMBO (News 1st) : කොවිඩ් - 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් හෙට (19) සහ අනිද්දා (20) යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණයට එළැඹි බවයි.
හෙට පෙ.ව 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගනු ඇති.
පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන් කෙරෙන අතර එහිදී අසනු ලබන ප්‍රශ්න දහයකට පමණක් සීමා කෙරෙනු ඇති.