හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩමින් හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවට

by Staff writer 18-01-2021 | 9:10 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මැදිරිගිරියේ නගරයේ හෝටලයක සාදයක් පැවැත් වූ පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර තරුණියන් 13 දෙනෙකු සිටින බවය. අත්අඩංගුවට ගත් පිරිස අතර හෝලටයේ හිමිකරු සහ කළමනාකාරවරයා ද වේ. තරුණයින් 39 දෙනෙකු එම අවස්ථාවේදීම මුදා හැර ඇති අතර ගංජා ළඟ තබාගෙන සිටි තරුණයින් තුන් දෙනෙකු හෙට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.