නිධානයකින් ගත් මැණික් සමග සිව් දෙනෙකු කොටු

නිධානයකින් ගත් මැණික් සමග සිව් දෙනෙකු කොටු

by Staff writer 18-01-2021 | 4:12 PM

COLOMBO (News 1st) : නිධානයකින් ලබා ගත් බව කියන මැණික් ගල් කිහිපක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කැකිරාව, සඳගල්පාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර කාන්තාවක් ද වන බවයි. ඔවුන් සමග නිධානය කැනීමට යොදාගත් භාණ්ඩ කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. ලද තොරතුරක් මත කළ වැටලිමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.