දළදා මාළිගාවේ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුට කොරෝනා නෑ

දළදා මාළිගාවේ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුට කොරෝනා නෑ

by Staff writer 18-01-2021 | 5:55 PM

COLOMBO (News 1st) : මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කාර්යය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව ශ්‍රී දළදා මාළිගාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අංශය පවසන්නේ, මාළිගාවේ දෛනික තේවාවන් ඇතුළු සියලු පුද පූජා , වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනා ප්‍රකාරව දියවඩන නිලමේතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් පරිදි සිදු කරන බවයි. මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට රජයේ සෞඛ්‍ය උපදෙස් විධිමත්ව ක්‍රියාත්මක කරමින් අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.