දරුවෙක් ලිංගික අපයෝජනය කළ සැරයන් කොටු

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

by Staff writer 18-01-2021 | 1:20 PM

COLOMBO (News 1st) - 14 හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 58 හැවිරිදි අනුරාධපුර පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි. ඔහු අනුරාධපුරය නගර ආසන්න ප්‍රදේශයකදී මෙම දරුවා අවස්ථා තුනකදී ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.