තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොරෝනා

by Sagarika Chathumali 18-01-2021 | 5:34 PM
COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් තමන් සමීපව ඇසුරු කළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ, සෞඛ්‍ය අංශ වෙත සහය දක්වමින් කටයුතු කරන ලෙසය. මීට පෙර තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට ද වෛරසය ආසාදනය විය. අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ද ඒ අතර විය.