ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්

ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්

by Staff writer 18-01-2021 | 10:20 AM

COLOMBO (News 1st) - මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ.

සංස්කෘතික හා ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, මේ තුළින් මෙරට පුරාවිද්‍යා ස්ථාන, ස්වාභාවික සම්පත් මෙන්ම අස්පර්ශක උරුමයන් රැසක් ජාතික උරුමයන් ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙතෙක් මෙරට ජාතික උරුම ස්ථාන නම් කිරීමක් සිදු කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය. ජාතික උරුමයන් නම් කිරීමෙන් ඒවායේ සුරක්ෂිතතාව හා සංරක්ෂණය සම්බන්ධයෙන් සමාජය පෙළඹවීමට ද අපේක්ෂිත බව ඔහු ප්‍රකාශ කළේ ය.