චීනයේ කොරෝනා යළි හිස ඔසවන ලකුණු

චීනයේ කොරෝනා යළි හිස ඔසවන ලකුණු

by Sagarika Chathumali 18-01-2021 | 12:46 PM

COLOMBO (News 1st) : චීනයෙන් ඊයේ (17) දිනය ඇතුළත නව කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

එම කොමිසමට අනුව ආසාදිතයින් අතරින් 93 දෙනෙකු හඳුනාගෙන දේශීයව හඳුනා ගෙන ඇති අතර ඉතිරි ආසාදිතයින් 16 දෙනා හඳුනා ගෙන ඇත්තේ, විදෙස් රටවල සිට චීනයට පැමිණි පිරිස් අතරිනි. කොරෝනා ව්‍යාප්තියේ මූලාරම්භය සනිටුහන් වූ චීනය ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කර ඇති අතර එරටින් මේ දක්වා වාර්තා වී ඇත්තේ, කොරෝනා ආසාදිතයින් 88,336ක් පමණි. කොරෝනා වංසගතය නිසා ජීවිත අහිමිවූ චීන වැසියන් සංඛ්‍යාව 4,635කි.