ගංජා ප්‍රවාහනය කළ අයෙකු රිමාන්ඩ්..

ගංජා ප්‍රවාහනය කළ අයෙකු රිමාන්ඩ්..

by Staff writer 18-01-2021 | 4:01 PM

COLOMBO (News 1st) :  ගංජා කිලෝග්‍රෑම් 02 ක් සන්තකයේ තබා ගනිමින් සහ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ලබන මස 01වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ , සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ගල්කිස්ස ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු 29 හැවිරිදි ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.