පක්ෂ නායක රැස්වීමක් අද..

කොරෝනා හමුවේ පාර්ලිමේන්තු රැස්වීම පවත්වන ආකාරය ගැන සාකච්ඡා කිරීමට අද පක්ෂ නායක රැස්වීමක්..

by Staff writer 18-01-2021 | 6:34 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 9.30ට පැවැත්වේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. ලබන 19 සිට 21 වැනි දා දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු සතියේදී අවධානය යොමු කරන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම පවත්වන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි. මේ අතර පාර්ලිමේන්තුවේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 9 දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසුවේ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ආරක්ෂක අංශයේ එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයට අනුයුක්ත තිනෙකු ඒ අතර වන බවයි.