ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

කොරෝනා මර්දන එන්නත් වැඩසටහනට ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

by Staff writer 18-01-2021 | 7:08 AM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

ඒ, ඊයේ එරට ආරම්භ කළ කොරෝනා මර්දන වැඩසටහනට සහය පළ කරමිනි. අසල්වැසි රාජ්‍යයේ එම වැඩසටහනට ජනාධිපතිතුමා සිය හදපිරි පැතුම් එක් කරන බව ද ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.