අංගොඩ ඩිපෝවේ රියැදුරන් දෙදෙනෙකුට කොරෝනා

අංගොඩ ඩිපෝවේ රියැදුරන් දෙදෙනෙකුට කොරෝනා : 19 ක් නිරෝධායනයට

by Staff writer 18-01-2021 | 10:34 AM

COLOMBO (News 1st) - අංගොඩ ලංගම ඩිපෝවේ රියැදුරන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් කාර්යය මණ්ඩලයේ 19 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි. තව ත් ඩිපෝ කිහිපයක සේවකයින්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සේවකයින් පිරිසක් නිරෝධායනය කර ඇති බව ඔහු පැවසුවේ ය.