
ලෙඩ ඇඳේ සිටි රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී හදිස්සියේ අත්අඩංගුවට
ලෙඩ ඇඳේ සිටි රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී හදිස්සියේ අත්අඩංගුවට
කර්තෘ Staff writer
News 1st – විෂක් ශරීරගත වීම හේතුවෙන් ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි රුසියාවේ මොස්කව් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඔහු ජර්මනියේ ප්‍රතිකාර ලබා යළි සිය රටට පැමිණි අවස්ථාවේදීය.
කිසිදු පැහැදිළි කිරීමකින් තොරව පදනම් විරහිතව ඔහු අත්අඩංගුවට ගත් බව රුසියානු විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරිය ට්විටර් පණිවුඩයක් සටහන් කරමින් කියා සිටියා ය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට වස ලබා දී ඝාතනය කිරීමට උත්සහ දරා ඇතැයි ඇතැම් පාර්ශව රුසියානු ජනාධිපතිවරයාට චෝදනා කර තිබේ.
ඒ, ඇලෙක්සි නවාල්නි, රුසියානු ජනාධිපති ව්ලැදීර් පූටීන්ගේ ප්‍රබල විවේචකයෙකු වීම පදනම් කර ගනිමිනි.
රුසියානු විපක්ෂය ද මීට පෙර චෝදනා කළේ, රුසියානු ජනාධිපති වැලැදිම්ර් පුටින්ගේ නියෝගය පරිදි විපක්ෂ නායකයාට වස ලබා දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි.
පදනමකින් තොරව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඒ පිළිබඳ අදහස් දක්වමින් රුසියාව කියා සිටියේ ය.
රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රබල විවේචකයකු වන ඇලෙක්සි නවල්නි පසුගිය දා සර්බියාවේ සිට රුසියාව බලා ගුවන් ගමනක නිරත වී සිටින අතරතුර සිදු වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රතිකාර සඳහා ජර්මනියේ රෝහලකට ඇතුළත් කළ රුසියානු විපක්ෂ නායකවරයා කෝමා තත්ත්වයේ පසු වූ බවයි.
- ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..