පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

by Hashini De Mel 18-01-2021 | 11:59 AM

COLOMBO (News 1st) -  මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙකු අනුරාධපුරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔහු සතුව තිබී ජංගම දුරකථන 05ක් ද පොලිස් භාරයට ගැනිණි. ඒවායේ ඇමතුම් විශ්ලේශනය කිරීමේදී සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු හෙළිව ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරාය සඳහන් කළේ ය. 42 හැවිරිදි සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.