දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

18 Jan, 2021 | 1:20 pm

COLOMBO (News 1st) – 14 හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 58 හැවිරිදි අනුරාධපුර පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.

ඔහු අනුරාධපුරය නගර ආසන්න ප්‍රදේශයකදී මෙම දරුවා අවස්ථා තුනකදී ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.

දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]