ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්

ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්

ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්

කර්තෘ Staff writer

18 Jan, 2021 | 10:20 am

COLOMBO (News 1st) – මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ.

සංස්කෘතික හා ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, මේ තුළින් මෙරට පුරාවිද්‍යා ස්ථාන, ස්වාභාවික සම්පත් මෙන්ම අස්පර්ශක උරුමයන් රැසක් ජාතික උරුමයන් ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙතෙක් මෙරට ජාතික උරුම ස්ථාන නම් කිරීමක් සිදු කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

ජාතික උරුමයන් නම් කිරීමෙන් ඒවායේ සුරක්ෂිතතාව හා සංරක්ෂණය සම්බන්ධයෙන් සමාජය පෙළඹවීමට ද අපේක්ෂිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]