UNHRC රාජතාන්ත්‍රික නියෝජිතයින්ට ලිපියක්

ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් UNHRC රටවල් 47ක රාජතාන්ත්‍රික නියෝජිතයින්ට ලිපියක්

by Staff writer 17-01-2021 | 7:39 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරණ රටවල් 47ක රාජතාන්ත්‍රික නියෝජිතයින්ට ලිපියක් යොමු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාවේ 46 වන සැසිවාරයේදී මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සලකා බැලීම පිළිබඳව එම ලිපියේ කරුණු ඇතුළත් ය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු 8 දෙනෙකු මෙම ලිපියට අත්සන් තබා තිබේ. මෙම ලිපියෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේදී යුද සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ විමර්ශන පැවැත්වීමට අපොහොසත් වී ඇති බවට ප්‍රකාශයට පත් කරන ලෙසය. නව යෝජනාවලියක් හරහා ඊට අදාළ විමර්ශන එක්සත් ජාතීන් යටතේ පවතින ආයතන තුළින් විමර්ශනය කර ජාත්‍යන්තර වගවීමේ ක්‍රියාවලියකට අනුව කටයුතු කරන ලෙස ද මෙම ලිපියෙන් ඉල්ලා තිබේ.