ලංකාවට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි..

ලංකාවට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි..

by Chathurika Jayasundara 17-01-2021 | 10:34 AM

COLOMBO (News 1st ) –  ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත මෙරටට ගෙන්වීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, එම එන්නත ලබන මස මැද සිට මෙරට ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බවය. එම එන්නත ජනතාවට නොමිලේ ලබා දෙන බව ද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ය. මීට අමතරව කොවැක්ස් පහසුකම් හරහා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් නොමිලේ මෙරට ලැබෙනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා ය.