තිලෝගම රක්ෂිතයේ කුරුළු හොරු ?

තිලෝගම රක්ෂිතයේ කුරුළු හොරු ?

by Staff writer 17-01-2021 | 5:30 PM

COLOMBO (News 1st) - අනුරාධපුර, තිලෝගම රක්ෂිතයේ පක්ෂීන් අල්ලා විකුණූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මාතලේ රජ්ගම්මන වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකිනි. සැකකරුවන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අල්ලා ගෙන තිබූ මාල ගිරවුන් 55 දෙනෙකු හා වී කුරුල්ලන් 5 දෙනෙකු ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබේ. සැකකරුවන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 60,000 ක දඩයක් මත මුදා හැර ඇති අතර පක්ෂීන් ගිරිතලේ වන සත්ත්ව රෝහලට භාර දී තිබේ.