ගොවි,ධීවර විශ්‍රාම වැටුප් සඳහා බදවා ගැනීම් යළිත්

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සඳහා බදවා ගැනීම් යළි ඇරඹේ..

by Staff writer 17-01-2021 | 7:38 AM

COLOMBO (News 1st ) - ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සඳහා බඳවා ගැනීම් මේ මාසයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සඳහන් කළේ , වසර 05 කට අධික කාලයක් මෙම විශ්‍රාම ක්‍රමයට බඳවා ගැනීම් අත්හිටුවා තිබූ බවයි. මේ හේතුවෙන් ගොවි හා ධීවර ජනතාව දැඩි පීඩාවට පත්ව සිටි බව ද ඔහු පෙන්වා දෙයි. ධීවර විශ්‍රාම වැටුප් සඳහා ධීවර දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.