ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-01-2021 | 6:00 AM
දේශීය පුවත් 1. උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට: පන්ති පැවැත්විය හැකි නිර්දේශ මෙන්න.. – බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 2. තවත් කොරෝනා මරණයක් : තවත් කොරෝනා මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 3. ආදිවාසී ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ගම්මැද්දෙන් සුවිශේෂී පියවරක්.. – මෙරට ආදිවාසී ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ගම්මැද්ද අද(16) තවත් සුවිශේෂී කටයුත්තක් ආරම්භ කළේ ය. 4. කරාපිටිය රෝහලෙන් බන්ධනාගාර රැඳවියෙකු පලායයි – කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු ඊයේ (16) අලුයම පලාගොස් තිබේ. 5. බොරැල්ල ඇතුළු තැපැල් කාර්යාල 6ක් යළි විවෘත කෙරේ – කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග වසා දමා තිබූ බොරැල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය සහ ඊට අනුබද්ධ තැපැල් කාර්යාල 5ක් ඊයේ (16) යළි විවෘත කළේය. විදෙස් පුවත් 1. ඉන්දියාව කොරෝනා මර්දන එන්නත් දීම අරඹයි.. : කොවිඩ් 19 අවසන් කිරීමේ ආරම්භය ලෙස නම් කරමින් ඉන්දියාව ඊයේ(16) එන්නත් වැඩසටහනක් ආරම්භ කළේ ය. ක්‍රීඩා පුවත් 1. ජෝ රූට් මෙන්ඩිස්ට කළ වැඩේ ගැන හැමෝම කතා කරයි.. : එක දිගට ටෙස්ට් ඉනිම 4කදී ලකුණු නොලබා පිටියෙන් දැවී ගිය කුසල් මෙන්ඩිස් ඊයේ (16) ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය.