'කහ' ලොරියක් STF දැලේ..

'කහ' ලොරියක් STF දැලේ..

by Staff writer 17-01-2021 | 9:43 AM

COLOMBO (News 1st ) – නීති විරෝධීව මෙරටට ආනයනය කළ කහ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) ඊයේ රාත්‍රී සිදු කළ වැටලීමකින් ය. ඔවුන් සතුව තිබී කහ කිලෝ ග්‍රෑම් 1,559 ක් සොයා ගෙන ඇති අතර ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් මහනුවර, මඩවල හා වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.