ඇෆ්ගනිස්ථානයේ විනිසුරුවරියන් දෙදෙනෙකුට වෙඩි

ඇෆ්ගනිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 17-01-2021 | 5:58 PM

News 1st - ඇෆ්ගනිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විනිසුරුවරියන් දෙදෙනා අද සිය රථයෙන් කාර්යාලයට යමින් සිටියදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඇති බවය. ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ වෙනත් දේශපාලන චරිත ඉලක්ක කර ගනිමින් මෑත කාලයේ ඇෆ්ගනිස්ථානයේ සිදු වූ ඝාතන මාලාවේ නවතම සිදුවීම මෙය වේ. වෙඩි තැබීම් සම්බන්ධ වගකීම කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.