මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි..

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි..

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි..

කර්තෘ Staff writer

17 Jan, 2021 | 7:02 am

COLOMBO (News 1st ) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,312 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 715 ක් හඳුනා ගැනීමත් සමගයි.

වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,311 කි.

රෝගීන් 487 දෙනෙකු ඊයේ(16) සුවය ලැබීමත් සමග කොරෝනා රෝගයෙන් මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,746 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

තවත් කොරෝනා මරණයක් ඊයේ වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ, ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇයගේ මරණයට හේතුවී ඇත්තේ කොවිඩ් -19 ආසාදනය සමග ඇති වූ හෘද රෝගයක් ය.

මේ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 256 ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]