වතුකම්කරුවන්ගේ දිනක වැටුප රු.1000 වන්නේ කවදාද?

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 වන්නේ කවදා ද?

by Staff writer 16-01-2021 | 7:54 AM

COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම පිළිබඳව එකඟතාවයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් පඩි පාලක සභා පනත යටතේ බලතල භාවිත කර අවම වැටුප නියම කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ වතු සංගම් සභාපතිවරුන්, කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් හා වතු කළමනාකරීත්වය සමග ඊයේ(15) කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය. එම සාකච්ඡාවේදි රුපියල් 1000 දෛනික වැටුප සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට එළැඹීමට හැකියාව ලැබී නොමැත. වතු හාම්පුතුන් හා කම්කරු වෘත්තීය සමිති නියෝජිතයින් ඒ පිළිබඳව විවිධ අදහස් පළ කර තිබෙන බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කළේය. පවතින තත්ත්වය යටතේ පඩි පාලක සභා පනත මගින් මෙම ප්‍රශ්ණය නිරාකරණය කරන බව අමාත්‍යවරයා පැවසුවේය. ඒ අනුව වතු හාම්පුතුන්ගේ සම්මේලනය ඉදිරිපත් කළ කරුණු ඉදිරි කැබිනට් මණ්ඩල සාකච්ඡාව සඳහා යොමු කෙරෙනු ඇති. ඉන් අනතුරුව වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 දෛනික වැටප් වැඩිවීම ලබාදීම අනිවාර්යෙන්ම සිදුකරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.