බ්‍රිතාන්‍යයට ඇතුළු වන සියලු මාර්ග සඳුදා සිට වැසේ

බ්‍රිතාන්‍යයට ඇතුළු වන සියලු ගොඩබිම් සහ ගුවන් මාර්ග වසා දමයි..

by Staff writer 16-01-2021 | 11:32 AM
COLOMBO (News 1st) හඳුනා නොගත් වෛරස් ප්‍රභේදයේ පැතිර යාම හමුවේ බ්‍රිතාන්‍යය එරටට ඇතුළු වන සියලු ගොඩබිම් සහ ගුවන් මාර්ග වසා දැමීමට තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ, එළඹෙන සඳුදා සිට තාවකාලිකව රට තුළට පිවිසෙන සියලු ප්‍රවේශ වසා දමන බවය. විදේශයක සිට රට තුළට හදිසියේ පැමිණෙන පුද්ගලයෙකු වේ නම් ඔවුන් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු කරන පරීක්ෂණ සහතික පෙන්විය යුතු වේ.