නගර සභා 2ක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

නගර සභා 2ක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

by Staff writer 16-01-2021 | 3:41 PM

COLOMBO (News 1st) – ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරු දෙදෙනාගේ ධුරයන් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ.

ඒ , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය. ඒ අනුව ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති සහ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන යන අය අදාල ධුරවලින් ඉවත් කර ඇති අතර එහි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම සඳහා උප සභාපතිවරුන්ට පවරා තිබේ. අදාළ සභාපතිවරුන් දෙදෙනා නගර සභා ආඥා පනත යටතේ දැක්වෙන වරද සිදුකර ඇත්ද යන්න පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකු ද පත්කර ඇති අතර මාස 03 ක් තුළ එම විමර්ශනයේ වාර්තාව තමා වෙත ලබා දිය යුතු බව ද ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ.